ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවති අතර ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට කඩුලු 5 කින් ජය ගනිමින් කුසලානය දිනා ගෙන ඇත.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්ථානට ආරාධනා කළේය. එහිදී පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19 පන්දු 1 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 146 දක්වා පමණක් ලබාගත්තේය.
පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Sahibzada Farhan ලකුණු 57 ක් Fakhar Zaman ලකුණු 46 හා Saim Ayub ලකුණු 14 ක් ලබාගත් අතර අනෙකුත් කිසිඳු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට අසමත් විය.
පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් කඩුලු 4 ක් දවාගත් අතර වරුණ් චක්‍රවර්තී හා අක්ෂර් පටේල් යුරුවෙනුත් කඩුලු 2 බැගින් දිනාගනිමින් ජස්ප්‍රිත් බුම්රා එක් කඩුල්ලක් ලබාගෙන ඇත.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.
