රඹුක්කන, පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ රුවන්වැල්ල, රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැත්වෙන නීල සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 31 වැනිදා කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.මංගල මහා තරගයේ දී ජයග්‍රහණය පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සතු වීම හේතුවෙන් මෙම තරගයේ දී රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය වෙත වැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා. ඒ තත්ත්වය හමුවේ එම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නඳුන් දනංජය සතු වෙන අතර සයුරංග තිලක්ෂණ උප නායකත්වයේ කටයුතු කරනවා.පින්නවල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ හේසර පාදෙණිය වෙතයි.
2026 January 25, 2026 3:00 am
