දකුණු කොරියාවේ ගුම් නුවරදී මැයි 27 සිට 31 දක්වා පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙල්ල විසි කිරීමේ ශූරයන් වන සුමේධ රණසිංහ සහ නදීෂා දිල්හානි ලේකම්ගේට ලැබී ඇත.
මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් එක් වන අතර, සහය දිවීමේ ඉසව් හතරකටද ශ්‍රී ලංකාව නියෝජනය කරයි.
ඔලිම්පික් හා ජාත්‍යන්තර තරඟවල විශිෂ්ට අත්දැකීම් සහිත නායකයින් දෙදෙනාගේ මෙවර නායකත්වය ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගැනීමේ විශ්වාසය වර්ධනය කරයි.