13 ආරක්ෂක සේවා පාපන්දු ශූරතාවලියේ කාන්තා ශූරතාවය ගුවන් හමුදාවට

13 වන වරටත් සංවිධානය කරනු ලැබූ ආරක්ෂක සේවා පාපන්දු ශූරතාවලිය පසුගියදා වැලිසර නාවික හමුදා පාපන්දු පිටියේදී සාර්ථකව අවසන් විය.

මෙම තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රි ලංකා ගුවන් හමුදා කාන්තා පාපන්දු කන්ඩායම අවසන් මහා තරගයේදී 01ට 0ක් ලෙස ප්‍රබල නාවික හමුදා පාපන්දු කන්ඩායම පරදවමින් වසර 15 කට පසු ගුවන් හමුදා කාන්තා පාපාපන්දු කන්ඩායම 13 වන ආරක්ෂක සේවා පාපන්දු ශුරතාවය තමන් සතු කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ කාංචනා විරංගා ක්‍රිඩිකාව දිනාගත් අතර දක්මෂතම පන්දු රකින්නියට හිමි සම්මානය ගුවන් හමුදාවේ ඉසංකා යෙහානි ක්‍රිඩිකාව දිනා ගැනීමට සමත් විය .

කුසලාන හා සහතික පත් ප්‍රධානෝත්සවය ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙණ නිළධාරී රියර් අද්මිරාල් එච් එන් එස් පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා ක්‍රිඩා පරිශ්‍රයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගීත්වන් පැවැත්විනි.

Leave a comment