ලෝක මලල ක්‍රීඩා සහය දිවීමේ තරගාවලියට ලංකාවෙන් කණ්ඩායමක්

චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ 400×4 මිශ්‍ර සහාය ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව ඇත.

මේ සඳහා අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, හර්ෂනී ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස්, නදීෂා රාමනායක හා සදෙව් රාජකරුණා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවැඳීමට නියමිතව තිබේ.

මෙම තරගාවලිය මැයි 10 හා 11 දිනවල ගුවැන්ෂු හි ගුවැන්ඩොං ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Leave a comment