18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රීදි පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක්

සෞදි අරාබියේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (16) පැවති තරගවලින් රීදි සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.

ඒ අනුව බාලිකා මීටර 100 ඉසව්වෙන් තරගකළ ශ්‍රී ලංකාවේ ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු තත්පර 11.92කින් තරගය අවසන් කර රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මේ අතර, මීටර 1500 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත විසින් දිනාගත් අතර, විනාඩි 3.59.47කින් සිය ඉසව්ව අවසන් කිරීමට ඔහු සමත් වුණා.

එසේම ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් මීටර් 15.10 ක දක්ෂතාවයක් සටහන් කරමින් මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම බාලක ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා‍.

Leave a comment