පැතුම් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට !

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකා පිතිකරුවකු වන පැතුම් නිස්සංක 05 වන ස්ථානයට පැමිණීමට සමත් වී තිබේ.

ඉන්දියාවට එරෙහිව ආසියානු කුසලාන තරගය දී රැස් කළ ශතකය නිසා, පෙර 7වන ස්ථානයේ සිට ස්ථාන 2කින් ඉදිරියට පැමිණ 5වන ස්ථානයට ඔහු ගිය බව ICC සඳහන් කර තිබේ.

එමෙන්ම, කුසල් ජනිත් පෙර 11වන ස්ථානයේ සිට 9වන ස්ථානයෙන් ඉහළට පැමිණ ඇත.

විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය මේ වනවිටත් ඉන්දියාවේ අභිෂේක් ශර්මා පෙරමුණේ සිටී.

Leave a comment