කාන්තා ලෝක කුසලාන පලමු තරඟයේ ජය ඉන්දියාවට !

කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු තරගයේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 59 ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට එරෙහිව දිනා ගැනීමට සමත් විය.

කොළඹ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළහ. එමෙන්ම ඉන්දියාව සිය පන්දුවාර 47 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 269ක් රැස් කළේය. Deepti Sharma (53), Harleen Deol (48) සහ Amanjot Kaur (57) ලකුණු ලබා ගැනීමේ දී පෙරමුණේ පසු විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුලු 4ක්ද, උදේෂිකා ප්‍රබෝධනී කඩුලු 2ක්ද ලබාගත්තා.

ඉන්පසු පිළිතුරු ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 47 තුළ සියලු දෙනා දැවී ලකුණු 211 ක් පමණක් රැස් කිරීමට හැකි විය.

ඒ අනුව ඉන්දියාව තරගය ලකුණු 59 කින් ජය ගැනීමට සමත් විය.

Leave a comment