මෙම මස 30 වැනිදා ඉන්දියාවේ ආරම්භ වන 13 වැනි කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්විය.
චමරි අතපත්තුගේ නායකත්වය යටතේ පිටත්වූ සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන්ගෙන් සිව්දෙනාට එක්දින ජාත්‍යන්තර තරග පහකට අඩු පළපුරුද්දක් පමණක් තිබේ. එම ක්‍රීඩිකාවන් නම් මල්කි මදාරා (5), ඉමේෂා දුලානි (5), දෙව්මි විහංගා (4) සහ පියුමි වත්සලා (2) ය. ඔවුන් අතරින් දෙව්මි සහ පියුමි කණ්ඩායමට එක්ව සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙසයි.
එහෙත්, අනෙක් ක්‍රීඩිකාවන්ට එක්දින ජාත්‍යන්තර තරග 25කට වැඩි පළපුරුද්දක් තිබෙන අතර, ලෝක කුසලාන වේදිකාවට පෙරදී ගිය පස් දෙනෙක්ද සංචිතයේ ඇත. ඔවුන් නම් නායිකා චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර සහ හසිනි පෙරේරාය.
මෙවර සංචිතය පිතිකාරිනියන් 7 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩිකාවන් 3 දෙනෙක් සහ පන්දු යවන්නියන් 4 දෙනෙක්ගෙන් සමන්විතය.
තරගාවලිය සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 2 දක්වා පැවැත්වෙන අතර, ආරම්භක තරගය ගුවාතිහිදී සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වේ. ශ්‍රී ලංකාව මූලික වටයේ තරග 7 ක් ක්‍රීඩා කරන අතර, ඒවගෙන් තරග 5 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, තරග දෙක ගුවාතිහිදී සහ බංග්ලාදේශය එරෙහි තරගය මුම්බායිහිදී පැවැත්වේ.
තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරග 2 ක්වට සහභාගි වූ අතර, පාකිස්තානයට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත වුවද, බංග්ලාදේශයට එරෙහි තරගය එක් ලකුණකින් පරාජයට පත් විය.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය:
චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී (උප නායිකාව), ඉමේෂා දුලානි, දෙව්මි විහංගා, පියුමි වත්සලා, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, මල්කි මදාරා, අචිනි කුලසූරිය.
