වාර්තා අතරට එක් වුණ පැතුම්ගේ ශතකය !

පසුගිය දින ආසියානු කුසලාන 2025 තරඟාවලියේ සුපිරි හතර අවසන් තරඟයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් ඉන්දියා කණ්ඩායමට ජය ගැනීමට හැකි විය.

එම තරඟය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වීමට සමත් වුණා. ඒ ඔහු පන්දු 58කට ඔහු ලබා ගත් ලකුණු 107 පිළිබඳවයි. එහිදී පැතුම් ආසියානු කුසලාන තරඟයක් තුළ ශතකයක් රැස් කළ ප්‍රථම අවස්ථාව වීම සුවිශේෂීත්වයයි.

මීට අමතරව ඔහු වාර්තා පිටු අලුත් කිරීමට ද සමත් විය. ඒ ටෙස්ට් ඉනිමක ලකුණු 100ක්, එක්දින ඉනිමක ලකුණු 200ක් හා විස්සයි විස්ස ඉනිමක ලකුණු 100ක් වාර්තා කළ ලාංකේය පළමු ක්‍රීඩකයා බවට පැතුම් නිශ්ශංක ඉතිහාසගත වීමයි. එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම විස්සයි විස්ස ඉනිම් පහ ඇතුළට ඉන්දියාවට එරෙහිව පැවති එම තරඟයේ පැතුම්ගේ ලකුණු ද එක් වී තිබේ. එහි පෙරමුණේ පැතුම් නිශ්ශංක පසු වීම විශේෂත්වයයි. ඒ අතරට තිලකරත්න දිල්ෂාන් (104) , කුසල් ජනිත් පෙරේරා (101) , මහේල ජයවර්ධන (100) මේ අතරට ඇතුළත් වේ.

Leave a comment