ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ එළඹෙන සිම්බාබ්වේ සංචාරයට පෙර පැවැති පුහුණු සැසියට හිටපු තරඟකාර ලසිත් මාලිංග ඊයේ (19) එක්වූ අතර, කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට තම විශේෂඥ දැනුම බෙදා දීමේ කටයුතු සිදු කළාය.
කණ්ඩායම අනිද්දා (22) සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර, එවිට දක්වා මාලිංග වේග පන්දු යවන්නන් සමග සමීපව වැඩ කරමින් උපදෙස් ලබා දීමට නියමිතය.
මෙම සංචාරය සඳහා එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් නියමිත අතර, එක්දින තරග දෙක මෙම මස 29 සහ 31 දිනවල පැවැත්වේ. ඊට පසු විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වීමට නියමිතය. පළමු තරගය සැප්තැම්බර් 3 දින, දෙවැනිය සැප්තැම්බර් 6 දින, තෙවැනිය සැප්තැම්බර් 7 දින පැවැත්වේ.
