ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ, ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන්ව පරාජය කළේය.
කොළඹ වෙළඳ සේවා ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරඟයේදී, විරේන් නෙත්තසිංහ පළමු තරඟ වටයේ 21-18 සහ දෙවැනි තරඟ වටයේ 21-14 ලෙස තරඟ වට දෙකම ජය ගත්තේය.