විශ්ව විද්‍යාල ඉතිහාසයේ පළමු කාන්තා 20 – 20 ක්‍රිකට් තරගය අද

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සබරගමු විශ්වවිද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම කාන්තා විස්සයි විස්ස “සුහද කුසලාන” ක්‍රිකට් තරගාවලිය අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

මෙම කාන්තා ක්‍රිකට් තරගාවලිය පන්දුවාර 20කින් සමන්විත, සුදු වර්ණයෙන් ක්‍රීඩා කරනු ලබන පළමු කාන්තා තරගයද වීම විශේෂත්වයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ චතුනි මහීෂාගේ සහ සබරගමු විශ්වවිද්‍යාලයේ ජනනි ටෙලීෂියාගේ
නායකත්වයන් යටතේ කණ්ඩායම් ද්විත්වය තරග කරන අතර ජාතික සහ පළාත් මට්ටමේ තරගවල සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගත් ක්‍රීඩිකාවන් රැසක් එදිනට තම කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා උරෙන් උර තරග වදිනු ඇත.

Leave a comment