සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු නිකොලස් පූරන් ක්‍රිකට් පිටියට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු නිකොලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම අද නිල වශයෙන් ප්‍රකාශ කලා.

තවමත් 29 වන වියේ පසුවන පූරන් 2016 දී පාකිස්තානයට එරෙහිව T20 දිවිය ආරම්භ කරන මේ වමත් ප්‍රහාරාත්මක සුපිරි පිතිකරු එංගලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ 2019 දී ය.

අවසන් වරට 2023 දි එක්දින තරගයක් ක්‍රිඩා කළ ඔහු 2024 දි අවසන් වරට ජාත්‍යන්තර T20 තරගයක් ක්‍රිඩා කල ඔහුට කණ්ඩායමේ නිසි ස්ථානයක් හිමි නොවිය.

ලීග් තරග වල පමණක් ඉන් පසු ක්‍රිඩා කරමින් ක්‍රිකට් රිද්මය පවත්වා ගෙන ගිය පූරන් නිමා වු IPL තරගාවලියේ 6 යේ පහරවල් 40ක් ලබා ගනිමින් වැඩිම 6 යේ පාහරවල් ලබාගත් ක්‍රිඩකයාද විය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන පූරන් එක්දින තරග 58 ක් ක්‍රිඩා කර ලකුනු 1983 ක් ශතක 3ක්, අර්ධ ශතක 11කට හිමිකම් කියන පූරන් T20 තරග 97 ක් ක්‍රිඩා කරමින් ලකුණු 2275ක් අර්ධ ශතක 13ක් ලබා ගන්නේ වැඩිම නොදැවි ලකුණු 98*ක් ද සමගින්.

තවමත් 29 වියෙ පසුවන පූරන් ලෝක කුසලාන තරගාවලියක් පෙනෙන මානයෙ තිබියදි සමුගැනිම ක්‍රිකට් ලෝකයටම පාඩුවක්.

Leave a comment