ලබන මාසයේදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගාවලියෙන් ඔස්ට්‍රේලියා නවක ක්‍රීඩක ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ඉවත්කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අනාගතය අවදානමකට ලක්ව ඇති බවයි ක්‍රිකට් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර තවත් නවක ක්‍රීඩකයෙකු වන Mitchell Owen ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සිය මංගල ජාත්‍යන්තර T20 තරගය සඳහා මෙම සංචාරයේදී සහභාගී වනු ඇති බවටද අනාවැකි පළ වනවා.
එමෙන්ම තවත් නවක ක්‍රීඩකයෙකු වන මැතිව් කුනමන් ද සිය මංගල ජාත්‍යන්තර T20 තරගය සඳහා මෙහිදී සහභාගී වනු ඇති බවයි පැවසෙන්නේ.
කොදෙව්වන්ට එරෙහි සංචිතයෙන් මාක්ස් ස්ටොනිස් සහ සේවියර් බාට්ලට් ද ඉවත්කර තිබීම විශේෂත්වයක්.