අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 59 කින් ජයගනී

අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පොලිස් කණ්ඩායම සමග පැවති තරගය කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 59 කින් ජය ගත්තා.

කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166 ක්.

සංගීත් කුරේ නොදැවී ලකුණු 93ක් රැස් කළා.

ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය පොලිස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 107 ක් පමණයි.

Leave a comment