රොනාල්ඩෝ කිරුළු පළදී

රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය යුරෝපානු Nations League පාපන්දු කිරුළ හිමිකර ගනියි.

2025 යුරෝපානු Nations League පාපන්දු තරගාවලියේ අවසන් මහා තරහය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණා.

එම තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිලම ගෝල 2-2 බැගින් රැස් කරගෙන සිටීම හේතුවෙන් අතිරේක කාලයකට යොමුවීමට සිදුවුණා.

අතිරේක කාලයේදී දෙපිලම ගෝල රැස් කිරීමට අපොහොසත් වීම නිසා ජයග්‍රාහකයින් තීරණය කෙරුණේ දඬුවම් පහර මගින්.

එහිදී දඬුවම් පහර 5ට 3ක් ලෙස පෘතුගාලය තරගය ජයගනිමින් යුරෝපානු Nations League පාපන්දු කිරුළ හිමිකර ගත්තා.

Leave a comment