IPL 2025 : අවසන් වටයේ තරග කාලසටහන

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල මේ වන විට අවසන් වී තිබෙනවා.

ඒ අනුව අවසන් වටයේ පළමු තරගය වන Qualifier 01 තරගය Punjab Kings හා Royal Challengers Bengaluru කණ්ඩායම් අතර හෙට (29) චන්දිගාර් හි PCA Stadium හිදී පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ දෙවන තරගය වන Eliminator තරගය Gujarat Titans හා Mumbai Indians කණ්ඩායම් අතර ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Qualifier 01 තරගය පරාජයට පත්වන කණ්ඩායම හා Eliminator තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම අතර පැවැත්වෙන Qualifier 02 තරගය ජුනි 01 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 03 වැනිදා පැවැත්වෙනවා.

Leave a comment