ශ්‍රී ලංකාවට තායි සටන් කලා ශූරතා තරගාවලියේදී පදක්කම් 10 ක්

07 වන ජාත්‍යන්තර තායි සටන් කලා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් සමස්ථ තරගාවලියේ පදක්කම් 10 ක් දිනා ගත්හ.

ජාත්‍යන්තර සහ තායිලන්ත මූයි තායි සටන් කළා සම්මේලන විසින් මෙම තරගාවලිය කර තිබූණි. එය ලෝකයේ රටවල් 50 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 ගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ.

මෙම තරගා වලියේ දී ඒ. ඒ. සහහ්ලාහ්, සෂේන් කළුබෝවිල සහ එම්. ආර්.එම්. ශහල් රන් පදක්කම් දිනා ගත්හ. අයි. එම්. ඉමාම්, සන්දේශ් තීක්ෂණ, සන්සිළු දිනංජය සහ තිසර අංජන රිදී පදක්කම් දිනා ගත්හ. කුමුදු ප්‍රසන්න, වමත් රාජපක්ෂ සහ රුසිරු රංගනාත් ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්විය

Leave a comment