ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට ඇයැදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ (මාස්ටර්ස්) මලල ක්‍රීඩා සංගමය ලබන ජුලි 5 6 යන දිනවල දියගම මහින්ද රාපක්ෂ පිටියේදී පැවැත්වීමට නියමිත 38 වැනි ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගා වලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඇයැදුම්පත් බාර ගැනීම ලබන ජුනි 10 වැනිදා දක්වා සිදු කෙරේ.

වයස 35 න් ඉහළ සිට 90 දක්වා වයස් කාන්ඩ 2 කට අයත් කාන්තා හා පිරිමි ඉසව් එහිදී පැවත්වෙන අතර මෙම තරගාවලිය සඳහා විදෙස් රටවල් කීපයකින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් සහභාගි වීමට නියමිතය

Leave a comment