එළඹෙන ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සංචාරය කිරීමට නියමිත ශ්රී ලංකා නැගී එන ක්රිකට් සංචිතය ප්රකාශයට පත් කර තිබෙනවා.
ක්රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ධනංජය ලක්ශාන් හට හිමි වී ඇති අතර, ඔහුගේ නායකත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩායම එක්දින තරග ත්රිත්වයකට සහ සිව්දින තරග දෙකකට මෙම තරගාවලියේ දී සහභාගී වනු ඇති.
තරග කාලසටහන;
- පළමු සිව් දින තරගය – ජුනි 07 සිට ජුනි 10 දක්වා
- දෙවැනි සිව් දින තරගය – ජුනි 14 සිට ජුනි 17 දක්වා
- පළමු එක්දින තරගය – ජුනි 21
- දෙවැනි එක්දින තරගය – ජුනි 24
- තෙවැනි එක්දින තරගය – ජුනි 26
තරගාවලියේ සිව්දින තරග ද්විත්වය Coolidge ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග ත්රිත්වය Sir Vivian Richards ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.