කෞෂාල් සිල්වාට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තනතුරක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවේ, මෙල්බන්හී ඩැන්ඩෙනොංග් ක්‍රිකට් සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 39කදී ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් සමගින් රැස්කර ගෙන ඇති කෞෂාල් සිල්වා ලබා ඇති ලකුණූ සංඛ්‍යාව 2099කි.

මීට පෙර මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු ලෙසද කෞෂාල් සිල්වා ක්‍රීඩාකර ඇත.

මෙල්බන්හී පිහිටි මෙම පළමු පෙළ ක්‍රීඩා සමාජයේ නිල වෙබ් අඩවිය ඔහුගේ පත්වීම නිල වශයෙන් නිවේදනය කර තිබේ.

වික්ටෝරියා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් මෙම පත්වීම සිදුකළ බව එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a comment