23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලිය ජනගත කිරීමේ මාධ්‍ය හමුව පසුගිය මැයි 08 වෙනිදා පැවත්විනි ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය
හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලිය සඳහා සියලු කටයුතු සූදානම්බව කොළඹ නිපෝන් හෝටලයේදී පැවති මාධ්‍යහමුවේදී නිවේදනය කළේය.
ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු
දැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තැබීමට DSI ප්‍රධානත්වයෙන් වර්ෂ 1999 දී
ආරම්භ කළ DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලිය ශ්‍රී ලාංකීය වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවකට මඟ හෙළි කළ සංධිස්ථානයකි. ආරම්භයේදී ශූරතාවය සඳහා කණ්ඩායම් 198 ක් තරඟ වැදුණු DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලියෙන් එදා මෙදාතුර ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු 400 කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දී තිබේ. මෙම වසරේ තරඟාවලියට මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 කට අධික ප්‍රමාණයක් සහභාගී වෙයි.

ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා
අදහස් දක්වමින් “DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලියට වසර 23 ක් සම්පූර්ණ
වෙන 2025 අවුරුද්ද අපිට විශේෂයි. ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැදගත්ම
සංධිස්ථානයක් වෙනුවෙන් DSI අනුග්‍රාහකත්වය අඛණ්ඩව ලබාදීමට හැකිවීම අප සමාගමට
මහත් ගෞරවයක්. වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කොට සංවර්ධනය කරන්නටත් සමස්ථ දිවයිනම ආවරණය වන ආකාරයෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ජාතික මට්ටමට හඳුන්වා දීමටත් DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලිය සමත්ව තිබෙනවා.” යැයි පැවසීය.
වයස අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15න් පහ්ළ, 17න් පහළ හා 19න් පහළ වයස් කාණ්ඩ
අනුව බාලක හා බාලිකා වශයෙන් මෙවර DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලිය
පැවැත්වේ. තරඟාවලියේ දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ තරඟ 2025 ජූනි 14, 15, 21, 22, 28, 29 සහ ජූලි 5, 6, 12, 13, 19, 20, 26, 27 දිනවල පැවැත්වේ. දිස්ත්‍රික් කණ්ඩායම් අතරින් 01 සහ 02 ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් ජාතික මට්ටමේ තරඟ සඳහා තෝරා ගැනේ. ජාතික තලයේ තරඟ 2025 අගෝස්තු 20 සිට 24 වැනිදා දක්වා පැවැත්වේ. 2025 DSI පාසල්
වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟ නොවැම්බර් 15 සහ 16 දෙදින පුරා කොළඹ
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
