ජාත්‍යන්තර බේස්බෝල් පිටියේ ශ්‍රී ලංකා කාන්තා පිල සිය මංගල ජය වාර්තා කරයි

යුද හමුදා ක්‍රීඩා සමාජ ක්‍රීඩිකා නිලූකා ප්‍රියදර්ශනීගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික කාන්තා බේස්බෝල් කණ්ඩායම, තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන IV BFA කාන්තා බේස්බෝල් ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට තරඟ වැදිමට සුදුසුකම්න් ලබයි 
සුදුසුකම් ලැබීමේ වටාය සඳහා කණ්ඩායම් අටක් තරඟ වදින අතර ඒවා පහත සඳහන් කාණ්ඩවලට බෙදා ඇත:

A කාණ්ඩය: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, ඉරානය

B කාණ්ඩය: ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, කාම්බෝජය

ආරම්භක තරඟයේදී, ජවසම්පන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟ තරඟ වැදුණි. කෙසේවෙතත් එහිදී ඉන්දියා ලකුණු 14-4 කින් අණදෙන ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

Leave a comment