ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය අද සිට ආරම්භ වෙයි

මෙරට රග්බි ක්‍රීඩාවේ නිරත වන පළමු කොටසේ විදුහල් 16 තරග වදින, ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය අද (25) ආරම්භ වනවා.

ඒ අනුව මූලික වටයේ තරග 02 ක් අද පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානායක විදුහල කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතව තිබෙනවා.

එසේම කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී අද තරග වැදීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a comment