ගම්පොළ ජිනරාජ පිරිමි විද්‍යාලය හා කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය අතර හත්වන වරටත් පැවැත්වෙන කඳුකර සටන වාර්ෂික එක් දින මහා ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 වැනි දින ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙහි කණ්ඩායම් හඳුන්වාදීමේ මාධ්‍ය හමුව එම පාසල් දෙකෙහි විදුහල්පතිවරු වන කමල් කරුණානායක හා ආර්.එම්. ජයරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ සාම උයන උත්සව ශාලාවේදී පැවැත් විය.
මෙම අවස්ථාව සඳහා ජිනරාජ විද්‍යාලයීය කණ්ඩායම් පුහුණුකරු සචින්ත තරිඳු හා කණ්ඩායම් භාර ආචාර්ය ප්‍රසාද් ලේකම්ගේ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකරු හා කණ්ඩායම් භාර ආචාර්ය නුවන් සමරනායක ඇතුළු විදුහල් දෙකෙහිම ආචාර්ය මණ්ඩලයේ පිරිසක් සමග ආදි ශිෂ්‍ය නිලධාරී කණ්ඩායමක් ද සහභාගි වී සිටියහ.