2025 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ඊයේ (16) Delhi Capitals කණ්ඩායම හා Rajasthan Royals කණ්ඩායම අතර පැවති තරගය සුපිරි පන්දුවාරයේදී ජයගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Delhi Capitals කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Delhi Capitals කණ්ඩායමද සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 188 ක් ලබා ගනිමින් තරගය සම තත්ත්වයට ගෙන ඒමට සමත් වුණා.
සුපිරි පන්දුවාරයේදී Rajasthan Royals කණ්ඩායම ලකුණු 11 ක් ලබාගත් අතර අනතුරුව පන්දුවට පහරදුන් Delhi Capitals කණ්ඩායම ජයග්රාහී ලකුණු සීමාව පසුකර යමින් තරගයේ ජය තහවුරු කරගැනීමට සමත් වුණා.